Menu Close

INSTRUCTIONS FOR ADMISSION G.C.E.(A/L) 2022-2023

වාණිජ විෂය ධාරාව

  • වාණිජ විෂය ධාරාව හැදෑරීමේදී ගණිතය විෂය සඳහා “C” සාමාර්ථයක් ලබා තිබීම අනිවාර්ය වේ .
  • ඔබ ව්‍යාපාර හා ගිණුම්කරණ විෂය හෝ ඉතිහාසය යන විෂයයන්ගෙන් එක් විෂයකට “C”  සාමාර්ථයක් ලබා තිබීම සහ තවත් එක් වෙනත් විෂයක් සඳහා “C” සාමාර්ථයක් සහිතව විෂයන් “6”ක් සමත්ව  තිබීම අනිවාර්ය වේ .
  • ඔබ තොරතුරු තාක්ෂණ විෂය තෝරා ගන්නේ නම් සාමාන්‍ය පෙළ සඳහා ඔබ ICT විෂය සඳහා “C” සාමාර්ථයක් ලබා තිබීම අතිරේක සුදුසුකමක් සේ සලකා බලනු ලබයි.

කලා විෂය ධාරාව

  • කලා විෂය ධාරාව සදහා ගණිතය, සිංහල භාෂාව හා සාහිත්‍ය යන විෂයන් සහිතව විෂයන් 6 ක් සී සාමාර්ථ 3 ක් සහිතව සමත්ව සිටීම
  • තර්ක ශාස්ත්‍රය හැදැරිමට ගණිත විෂයට සී සාමාර්ථයක් තිබිය යුතුය.
  • සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යනය හා දේශපාලන විද්‍යාව සදහා සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයට සී සාමාර්ථයක් තිබිය යුතුය.

පොදු උපදෙස්

  • ඔබ ඉල්ලුම් කර ඇති විෂය ධාරාව ‍තෝරාගනු ලබන්නේ සම්මුඛ පරීක්ෂණයකින් පසුව බව කරුණාවෙන් සලකන්න.
  • උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලබන කාලය තුල සෑම සිසුවෙකුම පාසල් පැමිණීම අනිවාර්ය වේ. මෙම අයදුම්පත නිසිපරිදි පුරවා 10.15 දිනට පෙර භාර දිය යුතුය.

කලා විෂය ධාරාව

විෂය කාණ්ඩ

1 වෙනි කාණ්ඩය – තර්ක ශාස්ත්‍රය, සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය

2 ‍වෙනි කාණ්ඩය – දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව

  • මෙම කාණ්ඩ දෙකෙන් එක් විෂයක් හෝ තෝරා ගත යුතුය.
  • ගණිතයට සී සාමාර්ථයකට වඩා වැඩියෙන් තිබෙන සිසුන් ට මෙම කාණ්ඩයෙන් කැමැති නම් විෂයන් දෙකක් තෝරා ගත හැකිය.
  • ගණිතයට සී සාමාර්ථයක් ඇති අය හෝ එස් සාමාර්තයක් ඇති අය දේශපාලන විද්‍යාව හෝ මාධ්‍ය අධ්‍යයනය තෝරා ගන්න.

3 වෙනි කාණ්ඩය – සිංහල භාෂාව හා සාහිත්‍යය

  • සිංහල භාෂාව තෝරා ගත යුත්තේ අවම වශයෙන් අපොස සාමාන්‍ය පෙළ සිංහළ භාෂාව සදහා සී සාමාර්ථයක් ඇති අයයි.

4 වෙනි කාණ්ඩය – ක්‍රිස්තියානි ධර්මය

5 වෙනි කාණ්ඩය – නර්තනය, නාට්‍ය හා රංග කලාව

6 වෙනි කාණ්ඩය – තොරතුරු හා සන්නිවේදන අධ්‍යයනය, ජපන් භාෂා

Skip to content